🚑🚑🚗🚦🚧🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚖🚖🚖
ලංකාවේ වාහන අනතුරු නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙය දැනට 8 දක්වා ඉහළ ගොස් ඇත. මෙම අනතුරු නිසා සිදුවන ජීවිත හා දේපළ හානිය ජාතික ගැටලුවක තත්ත්වයට පත්වී ඇත. 1970 දශකයේ මුල් භාගයේ වුවද ලියාපදිංචි වාහන සංඛ්‍යාවේ අනුපාතය අනුව සිදුවූ වූ මරණ සංඛ්‍යාව විශාල අගයක් ගන්නා ලදී.
මේ වන විට ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 7,700,000 ක් පමණ වේ. 1970 දශකයේ මුල් භාගයේදී ලියාපදිංචි වාහන සංඛ්‍යාව 176,000 ක් වූ අතර එකල දිනකට එක් අයකු පමණ මාර්ග අනතුරු නිසා මරණයට පත්විය. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේ දී පෙනීයන කරුණ වන්නේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ලියාපදිංචි වාහන සංඛ්‍යාව අනුව වැඩි වී නොමැති බවය. එනම් 1970 හා සසඳන විට දැනට ලියාපදිංචි වාහන සංඛ්‍යාව අනුව මේ වනවිට දිනකට සිදුවේ යෑයි අනුමාන කළහැකි අනතුරු මරණ සංඛ්‍යාව 41 කි. එකල අද තරම් දියුණු මාධ්‍ය ජාලයක් නොතිබුණු හෙයින් ඒ පිළිබඳව විශාල හඬක් නොනැඟිණ. එකල ජනගහන අනුපාතය අනුවද අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දැනට ජනගහන අනුපාතයට අනුව සිදුවන අනතුරු මරණ සංඛ්‍යාවට වඩා වැඩිය.
දකුණු ආසියාවේ අනෙක් රටවල මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව එම රටවල ලියාපදිංචි වාහන සංඛ්‍යාවට දරන අනුපාතය අප රටේ එම අනුපාතයට වඩා වැඩිය. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ දිනකට මියයන සංඛ්‍යාව 420 පමණ වේ. නමුත් ලංකාවේ ඉහත අනුපාතයන් ජපානයේ හෝ යුරෝපයේ එම අනුපාතයන්ට වඩා ඉහළ අගයක් ගනී. දියුණු මාර්ග පද්ධති, දියුණු තාක්ෂණ ක්‍රම හා පදිකයන්ගේ හා රියෑදුරන්ගේ ඉහළ අධ්‍යාපන මට්ටම හා හික්මීම මෙයට හේතු වේ යෑයි සැලකිය හැකිය.
ලංකාවේ මාර්ග අනතුරු ඉහළ යැමට හේතු වශයෙන් විවිධ පාර්ශව දක්වන අදහස් වන්නේ රියෑදුරන් ඇතුළු මාර්ගය භාවිත කරන්නන් මාර්ග නීති නොදැන සිටීම මාර්ගය භාවිත කරන්නන්ගේ නොසැලකිල්ල පවතින නීති හා දඬුවම් ප්‍රමාණවත් නොවීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ දුර්වලතා හා රියෑදුරු බලපත් ලබාදීමේ ක්‍රමය යන ඒවාය.
මේවා අතරින් පවතින නීති හා දඬුවම් ප්‍රමාණවත් නොවීම යන්න තාත්වික නොවූ තර්කයක් බව පසුගිය කාලයේ දඩමුදල් ඉතා විශාල වශයෙන් වැඩිකළද සිදුවන අනතුරු ප්‍රමාණයේ අඩුවීමක් නොවීමෙන් පැහැදිලිය.
ලංකාවේ වාහන අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ පදිකයන් වන අතර ඔවුන්ගේ නොසැලකිලිමත් බව හා නොදැනුවත් බව බොහෝවිට මෙයට හේතු වේ. පෙර පාසල් වියේ සිටම මාර්ග සලකුණු මාර්ගයේ හරහායැම එසේ යැමේදී ඉදිරියෙන් එන වාහනවල වේගය පිළිබඳව සැලකිලිමත්වීම ගැන අවබෝධයක් ලබාදීම වැනි දැනුවත් කිරීම් සිදුකළ යුතුය.
මගී මාරුවකදී සිදුවන අනතුරු ප්‍රමාණයද විශාල වශයෙන් ඉහළ මට්ටමක පවතී. එය රියදුරන් අතින් සිදුවන වරදක් වුව ද ඉදිරියට පැමිණෙන වාහනයේ වේගය හා එහි ගමන්මඟ නිශ්චය කිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක් පදිකයන්ට ලබාදීම මගින් අනතුරු අවම කරගත හැකිය.
පදික වේදිකාවක් නොමැති වාහන විශාල වශයෙන් ධාවනය කරන මාර්ගවලදී පයින් ගමන් කිරීම අවම කිරීම, විකල්ප මාර්ග භාවිත කිරීම හෝ වාහනයකින් ගමන් කිරීම සුදුසුය. තවද මගී මාරුවක නවතා ඇති විශාල වාහන ආසන්නයෙන් නොව රියෑදුරන්ට පැහැදිලිව පෙනෙන තරම් ඈත දුරකින් ගමන් කිරීමට හුරුවිය යුතුය. පදිකයකු තම උසට වඩා උස වැඩි හෝ සමාන පාර අයිනේ නවතා ඇති වාහනයක් ඉදිරියෙන් හෝ පසුපසින් පාර මාරුවීමේදී අවම වශයෙන් මීටර් 3 ක් වත් ඈතින් පාර මාරුවීම මගින් ඉදිරියට පැමිණෙන වාහන පැහැදිලිව දර්ශනය වීමත් ඒවායේ රියෑදුරන්ට පාර මාරුවෙන අය දර්ශනය වීමත් මගින් අනතුරුදායක තත්ත්වය අඩුකරගත හැකිය. ජංගම දුරකථන භාවිත කරමින් හා හෙඩ් ෆෝන් පාවිච්චි කරමින් පාර මාරුවීම හෝ පාර අයිනේ ගමන් කිරීම මගින් ද ඔවුන්ගේ අවධානය ඉදිරියට පැමිණෙන වාහනවල ධාවන ස්වභාවය අවධානයක් යොමු වීමෙන් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් ඇතිවේ. අවට ඇති දැන්වීම් පුවරුවල අවධානය යොමු කරමින් යම් ස්ථානයක් සොයමින් ඇවිදයැම වෙනුවට නැවතී දැන්වීම් පුවරු සෙවීම හා ඇවිද යනවිට මාර්ගය පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම වැදගත් ය.
පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම හා සංචාරක වෙළෙඳුන් ගැවසීම නිසා පදික වේදිකාවේ ඇතිවන තදබදය හේතුවෙන් පදිකයන් මහා මාර්ගයේ ගමන් කිරීම ද අනතුරු වැඩිවීමට හේතුවක් වේ. මෙම තත්ත්වය පිටකොටුව ඇතුළු වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙම තත්ත්වයට පිළියම් යෙදීම බලධාරීන්ට අයත්ය.
පදිකයන්ට අමතරව වැඩි වශයෙන් අනතුරුවලට ලක් වී මියයන පිරිස අතරින් මෝටර් සයිකල් ධාවකයන් සිටී. එය මුළු අනතුරු සංඛ්‍යාවෙන් 15% ක් පමණය. ලියාපදිංචි මෝටර් සයිකල් සංඛ්‍යාව ලක්ෂ 44 ක් තරම් විශාල වීම හා අධ්‍යාපන මට්ටමින් අඩු හා ආවේගශීලී බවෙන් වැඩි පිරිසක් වැඩි වශයෙන් මෝටර් සයිකල් පදින්නන් අතර වීමද අනතුරු බහුල වීමට හේතුවේ.
මෝටර් සයිකල් පදින්නන් ඉඩ ලද සෑම මොහොතකම වැරදි පැත්තෙන් (වම් පැත්තෙන්) ඉස්සර කිරීමට යැමද අනතුරු බොහෝමයකට හේතුවේ.
හෙල්මට් පැලඳීමේ දී එහි පටිය තදින් නොතිබුණොත් අනතුරක් සිදුවන විට දී කම්පනයෙන් හිස නිරාවරණය වීම සිදුවේ. තවද ප්‍රමිතියෙන් තොර හෙල්මට් පැලඳ සිටියහොත් එවැනි හෙල්මට් තුළින් වුවද මාරාන්තික විය හැකි කම්පනයකට භාජනය විය හැකි බව හෙල්මට් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මෝටර් සයිකල්වල සංඥ ලාම්පු වරක් දැල් වූ විට එසේ දල්වා ඇති බව නොදැන ධාවනය කිරීම නිසා පසුපසින් එන වාහන එය වරදවා හඳුනා ගැනීමද අනතුරුවලට හේතුවේ. මේ සඳහා සංඥ ලාම්පු දැල්වූවිට සියුම් හඬක් නිකුත්වන නළාවක් (බසාර් එකක්) සවිකිරීමද නීත්‍යනුකූල අවශ්‍යතාවක් බවට පත්කිරීමද අනතුරු අඩුකිරීමට හේතුවේ.
උසින් වැඩි හා පසුපස ආසනය උස්කොට සකස් කළ මෝටර් සයිකල්වල ගුරුත්වය කේන්ද්‍රය ඉහළින් පිහිටන නිසා සමබරතාව ගිලිහීමද අනතුරු වලට මඟ පාදයි. එවැනි උසින් වැඩි මෝටර් සයිකලයක් නීත්‍යනුකූල උපරිම ධාවන වේගය වන පැයට කි. මී. 70 කින් ධාවනය කළ ද එකවරම තිරිංග තද කිරීමට අවශ්‍ය වුවහොත් එය පෙරළීම වළක්වා ගැනීමට කිසිම ධාවකයකුට හැකි නොවේ.
මෝටර් සයිකල් පදින්නන් උස් වාහනයක් පසු කරන විට පසුවන වාහනය ඉදිරියට එකවර හැරවීම සිදුකළහොත් එසේ හරවන විට මෝටර් සයිකලයේ වේගය අඩුවීම සිදුවන හෙයින් වාහනයේ රියෑදුරු නොදැනුවත්ම සිදු වූ අනතුරු විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මීළඟට වැඩිම මාරාන්තික අනතුරු සංඛ්‍යාවක් ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් සිදුවේ. ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ලක්ෂ 12 ඉක්මවන හෙයින්ද ඒවා පදවන පිරිසෙන් අඩු අධ්‍යාපන මට්ටමකින් යුත් ආවේගශීලී බවෙන් වැඩි පිරිසක් වීමද ත්‍රිරෝද රථ අනතුරු සංඛ්‍යාව ඉහළ යැමට හේතුවේ. ත්‍රිරෝද රථ සඳහා ද සංඥ ලාම්පු ක්‍රියාකරන විට ඇගවෙන නලාවක් සවිකිරීම නීතිගත කිරීමද වැරදි සංඥ හේතුවෙන් සිදුවන අනතුරු අඩුකර ගැනීමට හේතුවේ. තවද ත්‍රිරෝද රථයක ගමන් කරන මගීන් සංඛ්‍යාව එයට නියමිත සංඛ්‍යාවට වඩා වැඩි වීමද එක් අනතුරකින් මිය යන සංඛ්‍යාව ඉහළ යැමට හේතු වේ.
දැනට ධාවනයේ පවතින වාහනවල යාන්ත්‍රික තත්ත්වය හොඳ වුවද ඒවායේ පවතින සැඟවුණු දුර්වලතාද අනතුරුවලට හේතුවේ. මෙයට වසර 16 කට පමණ පෙර 15 දෙනකුට මරු කැඳවූ බදුල්ලේ සිදුවූ බස් අනතුර මෙයට උදාහරණයකි. එම අනතුර සිදුවූ රථයේ තිරිංග කාර්යක්ෂමතාව පරික්ෂා කරන විට හොඳ තත්ත්වයේ පැවැතියද කඳු බෑවුමකදී දිගින් දිගටම තිරිංග භාවිත කරන විට තිරිංග පද්ධතියේ වායු පීඩනය අඩු වී තිරිංග අක්‍රියවීම මෙම අනතුරට හේතුවය. මෙම බස් රථයේ තිරිංග පද්ධතියේ වායු පීඩනය එක්තරා මට්ටමකට අඩුවූ විට ක්‍රියාකරන ෙµdaල් ස්ප්‍රේ බ්රේක් සිලින්ඩර අක්‍රිය කොට තිබීම මෙයට හේතුවය. දැනට තාක්ෂණය අනුව වායු තිරිංග ඇති වාහනවල වායු පීඩනය එක් මට්ටමකට වඩා අඩුවූ විට ක්‍රියා කරන ෙµdaල් ස්ප්‍රේ සිලින්ඩර් දෙකේවත් සවිකොට ඇත. වාර්ෂිකව µsටිනස් ලබා ගැනීමේදී මේවායේ ක්‍රියාකාරිත්වයද පරික්ෂා කිරීම නීත්‍යනුකූල අවශ්‍යතාවක් කිරීම අනාගතයේ දී ඉහත ආකාරයේ අනතුරු වීම අවම කර ගැනීමට හේතුවනු ඇත.
දිගින් වැඩි බවුසර් හෝ වෙනත් වාහන දෙකක් එකිනෙකා ළඟින් දිගින් දිගටම ධාවනය කිරීම එම වාහන පසුකරයැමට සූදානම් වන වාහනයකට එම වාහන දෙක අතර ඉඩ අඩු නිසා වාහන දෙකම එකවර පසුකිරීමට සිදුවන හෙයින් මාරක අනතුරකට ලක්වීම විශාල වශයෙන් සිදුවේ. මෙවැනි අනතුරු විශාල ප්‍රමාණයක් කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ පසුගිය කාලයේ වාර්තා විය.
රියෑදුරන්ට හා මගීන්ට අමතරව මේ සඳහා අදාළ බලධාරීන්ද අනතුරු අඩු කිරීමට දායකත්වයක් ලබාදිය හැක. ඇතැම් ස්ථානවල අත්‍යවශ්‍ය නොවූ මාර්ග සලකුණු කිරීමට හේතුවෙන් රියෑදුරන්ට වෙනත් වාහන පසුකොට යැමට නොහැකි වීම සිදුවේ. එවිට අවස්ථාව ලද සැණින් වෙනත් වාහන ඉස්සර කිරීමට උත්සහ කිරීම හේතුවෙන් සිදුවන අනතුරු විශාල ප්‍රමාණයකට මඟ පෑදෙයි. මේ සඳහා පාර හරහා ඇති මගී මාරු අත්‍යවශ්‍ය ස්ථානවල පමණක් යෙදීම සුදුසුය. ඇතැම් මගී මාරු පෝය හෝ වෙනත් ආගමික උත්සව වලදී පමණක් භාවිත වේ. ඇතැම් කුඩා පාසල් ළඟ ඇති මගීමාරු පාසල් කාලය අවසන් වූ පසු හා නිවාඩු දිනවලදී භාවිතයට ගැනීමක් සිදුනොවේ. එවැනි මාර්ග සලකුණු අප රටට ආවේණික වූ වෙනත් වර්ණයක් යෙදීම මගින් හඳුනා ගැනීමට හා නීතිගත කිරීමට සැලැස්විය හැකිය. මාර්ගය පැහැදිලිව පෙනෙන නමුත් මාර්ගයේ පළල අඩු කුඩා පාලම් වැනි ස්ථානවල වාහන පසුකර යැම තහනම් බව ප්රකාශවන තනි ඉරක් පාර මැද ලකුණු කිරීම තවත් උදාහරණයකි.
මාර්ග අනතුරු වැළැක්වීමේ යෙදී සිටින නිලධාරීන්ද වැඩි නඩු ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණෙන් තොරව ඉහත ආනරක්ෂිත ස්ථාන ආරක්ෂා කිරීම පිණිස ස්ථානගත වීම ප්‍රතිඵල දායකය. ද්විත්ව ඉරි හෝ තනි ඉරි සලකුණු කොට ඇති කඳු බෑවුමක පහළට ගමන් කරන අයට පාර හොඳින් පෙනෙන ස්ථානයක අනතුරු සිදුවීමේ හැකියාව අඩුය. එවැනි ස්ථානයක සැඟවී සිට ඉරි කැපෙන සේ ධාවනය කරන අය අල්ලා ගැනීමට මාර්ග අනතුරු අඩු කිරීමට දායකත්වයක් නොලබන බවට උදාහරණයකි.
ඉහත සඳහන් මගීන්ගේ රියෑදුරන්ගේ හා බලධාරීන්ගේ වගකීම් නිවැරදිව අනුගමනය කළහොත් මාර්ගයේ සිදුවන අනතුරු මරණ ප්‍රමාණය අඩුකරගත හැකිය.