Thursday, April 15, 2021

වියළි බිම් අස්වද්දන එල්ලංගා වාරි පද්ධති

අතීතයේ මුතුන් මිත්තන්ගෙන් ලද ආභාසයන්, සුහුරු ආකාරයේ විස්කම් අයුරින් මෑත ඉතිහාසයේ කැපී පෙනේ. වැව් බැඳි රාජ්යයන්ගෙන් පෝෂණය වූ අපේකමේ අපූර්වතාවන් කාලයක සිට අප ඵලදායී ලෙස භුක්ති විඳින්නේ නිසාවෙනි. අනා
ගතය
පිළිබඳ සෞභාග්යවත් ආකාරයේ ශක්තීන් ගොඩනැගූ වැව් බැඳි රජුන්ගේ පටන් ගැමියා දක්වා අනාගතය පිළිබඳ නව දැක්මකින් මේ සියලු කර්තව්යන් සිදු කරන්නට ඇත්දැයි පැනය පැන නගින්නේ සඳහා ඵලදායී පිළිතුරු සාක්ෂාත් කරමිනි. අනුව සැලසුම් සහගත ලෙස අතීතය විසින් ගොඩනැගූ වැව් සංකල්පයේ සූක්ෂම ක්රියාදාමයක් වශයෙන් එල්ලංගා පද්ධතීන් හඳුන්වනු ලබයි.


එල්ලංගා පද්ධතියක අවශ්යතාව

ශ්රී ලංකාවේ වියළි කලාපයේ නිරන්තරයෙන් හමුවන කුඩා වැව් එම ප්රදේශවල ගෘහාශ්රිත භාවිතයට වාරි කටයුතුවලට සහ වෙනත් ජීවනෝපායන් සඳහා අවශ් ජලය සපයන ප්රධාන ජල මූලාශ්රයක් ලෙස වැදගත් වේ. මේ කුඩා වැව්වල ක්රියාකාරීත්වය තනි වැවකට සීමා නොවී වෙනත් වැව් සහ වැව් ආශ්රිත පවතින විශේෂිත වූ පාරිසරික අංග සමඟ එකම ජල පෝෂක ප්රදේශයකදී අන්තර් ක්රියා කරනු දක්නට ලැබේ. එල්ලංගා පද්ධතියක් යනු කුඹුරට වාරි ජලය සපයන වැව් පොකුරක් පමණක්ම නොවේ. වියළි කලාපීය සම්ප්රදායික ගමක සමාජීය සංස්කෘතිකමය සහ පාරිසරික අංගයකි. වසරේ කෙටි කාලයකදී රට මෝසම් සුළං අවස්ථා දෙකක දී ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වැසිදිය රඳවා තබාගෙන වසර පුරා ජලය රැඳි ඵලදායී බිමක් බවට පත් කිරීම සඳහා එල්ලංගා පද්ධති උපකාරී විය. ශ්රී ලංකාවට පමණක් ආවේණික සහ අනන් වූ කෘෂි තාක්ෂණික ක්රමවේදයක් වශයෙන් එල්ලංගා වාරි පද්ධතිය කෘෂිකාර්මික උරුමයක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී. අනුව එල්ලංගා ගම්මාන ක්රමවේදය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කිරීම සිදු විය.

එල්ලංගා පද්ධතීන්හි කාර්යභාරය

ශ්රී ලංකාවේ කුඩා ග්රාමීය වැව් 14,200ක් දැනට ක්රියාත්මක තත්ත්වයේ පවතී. මෙයින් 80%ක් පවතින්නේ වැව් පොකුරු හෙවත් එල්ලංගා පද්ධති ලෙසටයි. මෙවැනි එල්ලංගා පද්ධති 1262ක් මේ වන විට හඳුනා ගෙන ඇත. ගසක අතු බෙදී යන ආකාරයෙන් වියළි කලාපයේ රැළි සහිත භූ රෝපණයේ ස්වභාවික ජල මං සැකසී ඇති නිසාවෙන් ඒවා හරස්කොට වැව් බැඳි විට නිර්මාණය වන වැව් පොකුරු එක් පද්ධතියක් වශයෙන් ගොනු කොට සැලකිය හැකි වේ. ජලය ඉහළ සිට පහළට වැවෙන් වැවට ගලා යන විට අතර අස්වද්දා ඇති වෙල්යායන් පෝෂණය කරමින් සතා සිවුපාවා සනසමින් මහා වැව් සම්ප්රදාය ගොඩනැගුණි. ශ්රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ප්රධාන වැව් එල්ලංගා පද්ධති කලාප තුනක් හඳුනාගත හැකි වේ. එනම් උතුරු උතුරුමැද කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධතීන්ගේ සුවිශේෂීත්වය ගොඩනැඟෙන්නේ වියළි කලාපීය ජන ජීවිතය සඳහා අත්යවශ් සාධකයක් වශයෙනි.

එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලය වැඩි කාලයක් පුරා ආරක්ෂා වීම සිදු වේ. නිසා පසේ ක්ෂුද් ජීවීන්ට හොඳින් වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්ෂුද් ජීවීන්ගේ ප්රමාණය ඉහළ යයි. මේ ක්ෂුද් ජීවීන් විසින් පසට එක්වන සත්ව හා ශාක කොටස් ජීරණය කරමින් පසට පොහොර ලබාදීමක් සිදු කරයි. මේ ක්රියාකාරීත්වය නිසා පසේ වසර පුරා ස්වභාවික පොහොර නිපදවමින් පස සරුසාර වේ. වැව් ආශ්රිත ප්රජාවට ආහාර සැපයීම ගෘහ කර්මාන්ත සඳහා අවශ් අමුද්රව් සැපයීම, සතුන් හා ශාකවලට උචිත වාසභූමි සැලසීම එල්ලංගා පද්ධතිවලින් සැලසෙන සේවාවන් වේ. එමෙන්ම එල්ලංගා පද්ධති යනු ජල ගැලීම් සහ නියං තත්ත්වයන් දෙකටම ඔරොත්තුදීමට උපකාරී වන සුවිශේෂී පාරිසරික ක්රමෝපායකි. එමගින් භූමිය මතුපිට ජලය ගලා යෑම පාලනය කිරීම, භූගත ජලය ප්රතිස්ථාපනය කිරීම මෙන්ම දේශගුණය වියළි කලාපීය පරිසරයට සුවයක් හා අලංකාරයක් එක් කරයි. වියළි කලාපීය භූ රෝපණයේ ක්ෂුද් පෝෂක ප්රදේශයන් තුළ සංවිධානය වූ ජල සම්පත්වලින් හෙබි අපූර්ව පාරිසරික පද්ධතියක් වශයෙන් එල්ලංගා පද්ධතිය හඳුන්වා දෙන්නේ එබැවිනි.

එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණයේ අවශ්යතාව

ජනාධිපතිගේ ප්රධානත්වයෙන් සිදු කරනු ලබන පාරිසරික සුරක්ෂිතතා සංකල්පයේ ආරම්භයක් වශයෙන් සුළු වාරිමාර්ග එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණ කඩිනම් වැඩසටහන ආරම්භ වේ. එහි සමාරම්භය 2018 සැප්තැම්බර් 21 දින ජනාධිපතිගේ ප්රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්රික්කයේ මහවිලච්චිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය වැව අසලදී ආරම්භ විය. එල්ලංගා පද්ධති මගින් බැඳුණු වැව් 2400ක් ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ වියළි කලාපයේ ජනතාව වෙත පහසුකම් සැපයීමේ කර්තව් මේ වන විට සාර්ථක ආරම්භයන් ඔස්සේ ගොඩනැගීම රටේ භාග්යයට නායකයෙකු ගත් උත්සාහයක් වශයෙන් හඳුනා ගත හැකිය. එහි තවත් එක් පියවරක් වනුයේ වයඹ පළාතේ පඩුවස්නුවර බටහිර කොටකිඹුලාගල අමුණු එල්ලංගා පද්ධතීන් ප්රතිසංස්කරණය කිරීමයි. යටතේ කණුකැටිය වැව, තොරණේගෙදර වැව, කොටකිඹුලාගල අමුණ, හිඳව වැව, කහටවිලගෙදර වැව, ගොන්නව වැව, පෙරළිකඩවල වැව, පොල්අත්තේගෙදර වැව, ගම වැව, අලුත් වැවකටුකුඹුර වැව, කන්දෙවත්තේ වැව, ගල්කඩුල්ල වැව, අඹගලමුල වැව, කරඹේ වැව, කිරිමැටියාව වැව යන වැව් සහ අමුණු ප්රතිසංස්කරණය කිරීම සිදු වේ. මේ වසරේ ජූනි මස 12 වන දින (අද) එම ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එම ප්රදේශවල භූගත ජල මට්ටම් ඉහළ නැංවීම, කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන ඉහළ නැංවීම, ප්රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා දිළිඳුකම පිටුදැකීම, පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය ප්රවර්ධනය, සංචාරක කර්මාන්තය ප්රවර්ධනය, ප්රජාවගේ හා වන සතුන්ගේ ජල හා ආහාර අවශ්යතා සැපයීම මෙන්ම වන සතුන් අතර ගැටුම් අවම කරමින් තිරසාර සංවර්ධනයක් සඳහා පියවර ගැනීම අරමුණු වේ. මේ සියලු ව්යාපෘතීන් ක්රියාත්මක කිරීමේ කාර්යේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාල, සියලුම පළාත් සභා හා ශ්රී ලංකා යුද හමුදාව මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විෂයානුබද්ධ අදාළ වෙනත් ආයතන සහයෝගීතාව දක්වනු ලබයි. සමස්ත වැඩසටහනේ ප්රධාන ප්රතිසංස්කරණ කටයුතු සිදු කරනුයේ ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකාය විසිනි. වියැකී යන අතීත ශ්රී විභූතිය සහිත දේශීය වගා ක්රම ජනතාව අතරට නැවත ගෙන ඒමේ අභිලාෂයෙන් ක්රියාත්මක වන එල්ලංගා පද්ධති ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය, ශ්රී ලංකාව ලොව ඉහළ වටිනාකමකින් යුතු අපූර්ව භූමියක් කිරීම සඳහා සිදු කරනු ලබන මහඟු පුණ් කර්මයක් වශයෙන් හඳුනා ගත හැකිය.

සුලක්ෂි රත්නායක

No comments:

Post a Comment

මහමඟ අනතුරු වළකමු

  🚑🚑🚗🚦🚧🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚖🚖🚖 ලංකාවේ වාහන අනතුරු නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙය දැනට 8 දක්‌වා ඉහළ ගොස්...