Friday, April 16, 2021

මහමඟ අනතුරු වළකමු

 

🚑🚑🚗🚦🚧🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚖🚖🚖

ලංකාවේ වාහන අනතුරු නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙය දැනට 8 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මෙම අනතුරු නිසා සිදුවන ජීවිත හා දේපළ හානිය ජාතික ගැටලුවක තත්ත්වයට පත්වී ඇත. 1970 දශකයේ මුල් භාගයේ වුවද ලියාපදිංචි වාහන සංඛ්‍යාවේ අනුපාතය අනුව සිදුවූ වූ මරණ සංඛ්‍යාව විශාල අගයක්‌ ගන්නා ලදී.

මේ වන විට ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 7,700,000 ක්‌ පමණ වේ. 1970 දශකයේ මුල් භාගයේදී ලියාපදිංචි වාහන සංඛ්‍යාව 176,000 ක්‌ වූ අතර එකල දිනකට එක්‌ අයකු පමණ මාර්ග අනතුරු නිසා මරණයට පත්විය. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේ දී පෙනීයන කරුණ වන්නේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ලියාපදිංචි වාහන සංඛ්‍යාව අනුව වැඩි වී නොමැති බවය. එනම් 1970 හා සසඳන විට දැනට ලියාපදිංචි වාහන සංඛ්‍යාව අනුව මේ වනවිට දිනකට සිදුවේ යෑයි අනුමාන කළහැකි අනතුරු මරණ සංඛ්‍යාව 41 කි. එකල අද තරම් දියුණු මාධ්‍ය ජාලයක්‌ නොතිබුණු හෙයින් ඒ පිළිබඳව විශාල හඬක්‌ නොනැඟිණ. එකල ජනගහන අනුපාතය අනුවද අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දැනට ජනගහන අනුපාතයට අනුව සිදුවන අනතුරු මරණ සංඛ්‍යාවට වඩා වැඩිය.

දකුණු ආසියාවේ අනෙක්‌ රටවල මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව එම රටවල ලියාපදිංචි වාහන සංඛ්‍යාවට දරන අනුපාතය අප රටේ එම අනුපාතයට වඩා වැඩිය. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ දිනකට මියයන සංඛ්‍යාව 420 පමණ වේ. නමුත් ලංකාවේ ඉහත අනුපාතයන් ජපානයේ හෝ යුරෝපයේ එම අනුපාතයන්ට වඩා ඉහළ අගයක්‌ ගනී. දියුණු මාර්ග පද්ධති, දියුණු තාක්‍ෂණ ක්‍රම හා පදිකයන්ගේ හා රියෑදුරන්ගේ ඉහළ අධ්‍යාපන මට්‌ටම හා හික්‌මීම මෙයට හේතු වේ යෑයි සැලකිය හැකිය.

ලංකාවේ මාර්ග අනතුරු ඉහළ යැමට හේතු වශයෙන් විවිධ පාර්ශව දක්‌වන අදහස්‌ වන්නේ රියෑදුරන් ඇතුළු මාර්ගය භාවිත කරන්නන් මාර්ග නීති නොදැන සිටීම මාර්ගය භාවිත කරන්නන්ගේ නොසැලකිල්ල පවතින නීති හා දඬුවම් ප්‍රමාණවත් නොවීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ දුර්වලතා හා රියෑදුරු බලපත් ලබාදීමේ ක්‍රමය යන ඒවාය.

මේවා අතරින් පවතින නීති හා දඬුවම් ප්‍රමාණවත් නොවීම යන්න තාත්වික නොවූ තර්කයක්‌ බව පසුගිය කාලයේ දඩමුදල් ඉතා විශාල වශයෙන් වැඩිකළද සිදුවන අනතුරු ප්‍රමාණයේ අඩුවීමක්‌ නොවීමෙන් පැහැදිලිය.

ලංකාවේ වාහන අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ පදිකයන් වන අතර ඔවුන්ගේ නොසැලකිලිමත් බව හා නොදැනුවත් බව බොහෝවිට මෙයට හේතු වේ. පෙර පාසල් වියේ සිටම මාර්ග සලකුණු මාර්ගයේ හරහායැම එසේ යැමේදී ඉදිරියෙන් එන වාහනවල වේගය පිළිබඳව සැලකිලිමත්වීම ගැන අවබෝධයක්‌ ලබාදීම වැනි දැනුවත් කිරීම් සිදුකළ යුතුය.

මගී මාරුවකදී සිදුවන අනතුරු ප්‍රමාණයද විශාල වශයෙන් ඉහළ මට්‌ටමක පවතී. එය රියදුරන් අතින් සිදුවන වරදක්‌ වුව ද ඉදිරියට පැමිණෙන වාහනයේ වේගය හා එහි ගමන්මඟ නිශ්චය කිරීම පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ පදිකයන්ට ලබාදීම මගින් අනතුරු අවම කරගත හැකිය.

පදික වේදිකාවක්‌ නොමැති වාහන විශාල වශයෙන් ධාවනය කරන මාර්ගවලදී පයින් ගමන් කිරීම අවම කිරීම, විකල්ප මාර්ග භාවිත කිරීම හෝ වාහනයකින් ගමන් කිරීම සුදුසුය. තවද මගී මාරුවක නවතා ඇති විශාල වාහන ආසන්නයෙන් නොව රියෑදුරන්ට පැහැදිලිව පෙනෙන තරම් ඈත දුරකින් ගමන් කිරීමට හුරුවිය යුතුය. පදිකයකු තම උසට වඩා උස වැඩි හෝ සමාන පාර අයිනේ නවතා ඇති වාහනයක්‌ ඉදිරියෙන් හෝ පසුපසින් පාර මාරුවීමේදී අවම වශයෙන් මීටර් 3 ක්‌ වත් ඈතින් පාර මාරුවීම මගින් ඉදිරියට පැමිණෙන වාහන පැහැදිලිව දර්ශනය වීමත් ඒවායේ රියෑදුරන්ට පාර මාරුවෙන අය දර්ශනය වීමත් මගින් අනතුරුදායක තත්ත්වය අඩුකරගත හැකිය. ජංගම දුරකථන භාවිත කරමින් හා හෙඩ් ෆෝන් පාවිච්චි කරමින් පාර මාරුවීම හෝ පාර අයිනේ ගමන් කිරීම මගින් ද ඔවුන්ගේ අවධානය ඉදිරියට පැමිණෙන වාහනවල ධාවන ස්‌වභාවය අවධානයක්‌ යොමු වීමෙන් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක්‌ ඇතිවේ. අවට ඇති දැන්වීම් පුවරුවල අවධානය යොමු කරමින් යම් ස්‌ථානයක්‌ සොයමින් ඇවිදයැම වෙනුවට නැවතී දැන්වීම් පුවරු සෙවීම හා ඇවිද යනවිට මාර්ගය පිළිබඳ පමණක්‌ අවධානය යොමු කිරීම වැදගත් ය.

පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම හා සංචාරක වෙළෙඳුන් ගැවසීම නිසා පදික වේදිකාවේ ඇතිවන තදබදය හේතුවෙන් පදිකයන් මහා මාර්ගයේ ගමන් කිරීම ද අනතුරු වැඩිවීමට හේතුවක්‌ වේ. මෙම තත්ත්වය පිටකොටුව ඇතුළු වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව දක්‌නට ලැබෙන තත්ත්වයකි. මෙම තත්ත්වයට පිළියම් යෙදීම බලධාරීන්ට අයත්ය.

පදිකයන්ට අමතරව වැඩි වශයෙන් අනතුරුවලට ලක්‌ වී මියයන පිරිස අතරින් මෝටර් සයිකල් ධාවකයන් සිටී. එය මුළු අනතුරු සංඛ්‍යාවෙන් 15% ක්‌ පමණය. ලියාපදිංචි මෝටර් සයිකල් සංඛ්‍යාව ලක්‍ෂ 44 ක්‌ තරම් විශාල වීම හා අධ්‍යාපන මට්‌ටමින් අඩු හා ආවේගශීලී බවෙන් වැඩි පිරිසක්‌ වැඩි වශයෙන් මෝටර් සයිකල් පදින්නන් අතර වීමද අනතුරු බහුල වීමට හේතුවේ.

මෝටර් සයිකල් පදින්නන් ඉඩ ලද සෑම මොහොතකම වැරදි පැත්තෙන් (වම් පැත්තෙන්) ඉස්‌සර කිරීමට යැමද අනතුරු බොහෝමයකට හේතුවේ.

හෙල්මට්‌ පැලඳීමේ දී එහි පටිය තදින් නොතිබුණොත් අනතුරක්‌ සිදුවන විට දී කම්පනයෙන් හිස නිරාවරණය වීම සිදුවේ. තවද ප්‍රමිතියෙන් තොර හෙල්මට්‌ පැලඳ සිටියහොත් එවැනි හෙල්මට්‌ තුළින් වුවද මාරාන්තික විය හැකි කම්පනයකට භාජනය විය හැකි බව හෙල්මට්‌ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මෝටර් සයිකල්වල සංඥ ලාම්පු වරක්‌ දැල් වූ විට එසේ දල්වා ඇති බව නොදැන ධාවනය කිරීම නිසා පසුපසින් එන වාහන එය වරදවා හඳුනා ගැනීමද අනතුරුවලට හේතුවේ. මේ සඳහා සංඥ ලාම්පු දැල්වූවිට සියුම් හඬක්‌ නිකුත්වන නළාවක්‌ (බසාර් එකක්‌) සවිකිරීමද නීත්‍යනුකූල අවශ්‍යතාවක්‌ බවට පත්කිරීමද අනතුරු අඩුකිරීමට හේතුවේ.

උසින් වැඩි හා පසුපස ආසනය උස්‌කොට සකස්‌ කළ මෝටර් සයිකල්වල ගුරුත්වය කේන්ද්‍රය ඉහළින් පිහිටන නිසා සමබරතාව ගිලිහීමද අනතුරු වලට මඟ පාදයි. එවැනි උසින් වැඩි මෝටර් සයිකලයක්‌ නීත්‍යනුකූල උපරිම ධාවන වේගය වන පැයට කි. මී. 70 කින් ධාවනය කළ ද එකවරම තිරිංග තද කිරීමට අවශ්‍ය වුවහොත් එය පෙරළීම වළක්‌වා ගැනීමට කිසිම ධාවකයකුට හැකි නොවේ.

මෝටර් සයිකල් පදින්නන් උස්‌ වාහනයක්‌ පසු කරන විට පසුවන වාහනය ඉදිරියට එකවර හැරවීම සිදුකළහොත් එසේ හරවන විට මෝටර් සයිකලයේ වේගය අඩුවීම සිදුවන හෙයින් වාහනයේ රියෑදුරු නොදැනුවත්ම සිදු වූ අනතුරු විශාල ප්‍රමාණයක්‌ හඳුනාගෙන ඇත. මීළඟට වැඩිම මාරාන්තික අනතුරු සංඛ්‍යාවක්‌ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් සිදුවේ. ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ලක්‍ෂ 12 ඉක්‌මවන හෙයින්ද ඒවා පදවන පිරිසෙන් අඩු අධ්‍යාපන මට්‌ටමකින් යුත් ආවේගශීලී බවෙන් වැඩි පිරිසක්‌ වීමද ත්‍රිරෝද රථ අනතුරු සංඛ්‍යාව ඉහළ යැමට හේතුවේ. ත්‍රිරෝද රථ සඳහා ද සංඥ ලාම්පු ක්‍රියාකරන විට ඇගවෙන නලාවක්‌ සවිකිරීම නීතිගත කිරීමද වැරදි සංඥ හේතුවෙන් සිදුවන අනතුරු අඩුකර ගැනීමට හේතුවේ. තවද ත්‍රිරෝද රථයක ගමන් කරන මගීන් සංඛ්‍යාව එයට නියමිත සංඛ්‍යාවට වඩා වැඩි වීමද එක්‌ අනතුරකින් මිය යන සංඛ්‍යාව ඉහළ යැමට හේතු වේ.

දැනට ධාවනයේ පවතින වාහනවල යාන්ත්‍රික තත්ත්වය හොඳ වුවද ඒවායේ පවතින සැඟවුණු දුර්වලතාද අනතුරුවලට හේතුවේ. මෙයට වසර 16 කට පමණ පෙර 15 දෙනකුට මරු කැඳවූ බදුල්ලේ සිදුවූ බස්‌ අනතුර මෙයට උදාහරණයකි. එම අනතුර සිදුවූ රථයේ තිරිංග කාර්යක්‍ෂමතාව පරික්‍ෂා කරන විට හොඳ තත්ත්වයේ පැවැතියද කඳු බෑවුමකදී දිගින් දිගටම තිරිංග භාවිත කරන විට තිරිංග පද්ධතියේ වායු පීඩනය අඩු වී තිරිංග අක්‍රියවීම මෙම අනතුරට හේතුවය. මෙම බස්‌ රථයේ තිරිංග පද්ධතියේ වායු පීඩනය එක්‌තරා මට්‌ටමකට අඩුවූ විට ක්‍රියාකරන ෙµdaල් ස්‌ප්‍රේ බ්රේක්‌ සිලින්ඩර අක්‍රිය කොට තිබීම මෙයට හේතුවය. දැනට තාක්‍ෂණය අනුව වායු තිරිංග ඇති වාහනවල වායු පීඩනය එක්‌ මට්‌ටමකට වඩා අඩුවූ විට ක්‍රියා කරන ෙµdaල් ස්‌ප්‍රේ සිලින්ඩර් දෙකේවත් සවිකොට ඇත. වාර්ෂිකව µsටිනස්‌ ලබා ගැනීමේදී මේවායේ ක්‍රියාකාරිත්වයද පරික්‍ෂා කිරීම නීත්‍යනුකූල අවශ්‍යතාවක්‌ කිරීම අනාගතයේ දී ඉහත ආකාරයේ අනතුරු වීම අවම කර ගැනීමට හේතුවනු ඇත.

දිගින් වැඩි බවුසර් හෝ වෙනත් වාහන දෙකක්‌ එකිනෙකා ළඟින් දිගින් දිගටම ධාවනය කිරීම එම වාහන පසුකරයැමට සූදානම් වන වාහනයකට එම වාහන දෙක අතර ඉඩ අඩු නිසා වාහන දෙකම එකවර පසුකිරීමට සිදුවන හෙයින් මාරක අනතුරකට ලක්‌වීම විශාල වශයෙන් සිදුවේ. මෙවැනි අනතුරු විශාල ප්‍රමාණයක්‌ කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ පසුගිය කාලයේ වාර්තා විය.

රියෑදුරන්ට හා මගීන්ට අමතරව මේ සඳහා අදාළ බලධාරීන්ද අනතුරු අඩු කිරීමට දායකත්වයක්‌ ලබාදිය හැක. ඇතැම් ස්‌ථානවල අත්‍යවශ්‍ය නොවූ මාර්ග සලකුණු කිරීමට හේතුවෙන් රියෑදුරන්ට වෙනත් වාහන පසුකොට යැමට නොහැකි වීම සිදුවේ. එවිට අවස්‌ථාව ලද සැණින් වෙනත් වාහන ඉස්‌සර කිරීමට උත්සහ කිරීම හේතුවෙන් සිදුවන අනතුරු විශාල ප්‍රමාණයකට මඟ පෑදෙයි. මේ සඳහා පාර හරහා ඇති මගී මාරු අත්‍යවශ්‍ය ස්‌ථානවල පමණක්‌ යෙදීම සුදුසුය. ඇතැම් මගී මාරු පෝය හෝ වෙනත් ආගමික උත්සව වලදී පමණක්‌ භාවිත වේ. ඇතැම් කුඩා පාසල් ළඟ ඇති මගීමාරු පාසල් කාලය අවසන් වූ පසු හා නිවාඩු දිනවලදී භාවිතයට ගැනීමක්‌ සිදුනොවේ. එවැනි මාර්ග සලකුණු අප රටට ආවේණික වූ වෙනත් වර්ණයක්‌ යෙදීම මගින් හඳුනා ගැනීමට හා නීතිගත කිරීමට සැලැස්‌විය හැකිය. මාර්ගය පැහැදිලිව පෙනෙන නමුත් මාර්ගයේ පළල අඩු කුඩා පාලම් වැනි ස්‌ථානවල වාහන පසුකර යැම තහනම් බව ප්‍රකාශවන තනි ඉරක්‌ පාර මැද ලකුණු කිරීම තවත් උදාහරණයකි.

මාර්ග අනතුරු වැළැක්‌වීමේ යෙදී සිටින නිලධාරීන්ද වැඩි නඩු ප්‍රමාණයක්‌ ලබා ගැනීමේ අරමුණෙන් තොරව ඉහත ආනරක්‍ෂිත ස්‌ථාන ආරක්‍ෂා කිරීම පිණිස ස්‌ථානගත වීම ප්‍රතිඵල දායකය. ද්විත්ව ඉරි හෝ තනි ඉරි සලකුණු කොට ඇති කඳු බෑවුමක පහළට ගමන් කරන අයට පාර හොඳින් පෙනෙන ස්‌ථානයක අනතුරු සිදුවීමේ හැකියාව අඩුය. එවැනි ස්‌ථානයක සැඟවී සිට ඉරි කැපෙන සේ ධාවනය කරන අය අල්ලා ගැනීමට මාර්ග අනතුරු අඩු කිරීමට දායකත්වයක්‌ නොලබන බවට උදාහරණයකි.



ඉහත සඳහන් මගීන්ගේ රියෑදුරන්ගේ හා බලධාරීන්ගේ වගකීම් නිවැරදිව අනුගමනය කළහොත් මාර්ගයේ සිදුවන අනතුරු මරණ ප්‍රමාණය අඩුකරගත හැකිය.




Thursday, April 15, 2021

නෙත් වගේ රැකිය යුතු තෙත් බිම් පරිසර පද්ධතිය .....


තෙත්බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ, තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳව ලෝක ප්රජාව දැනුවත් කිරීමත්, තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව තුළ ධනාත්මක ආකල්ප ඇති කිරීමත් හා තෙත්බිම් සම්මුතියේ අරමුණු ඉටුකිරීම සඳහා රාජ්යයන්, ආයතන, සිවිල් සංවිධාන හා පොදු මහජනතාවගේ ක්රියාකාරීත්වය ගොඩ නැංවීමත්ය.

ඉරානයේ රම්සාර් නගරයේ දී 1971 පෙබරවාරි 02 දින ලොව රටවල් එක්ව අත්සන් තබන ලද තෙත්බිම් සම්මුතියේ සමාරම්භය සැමරීම පිණිස 1997 සිට පෙබරවාරි 02 දිනය, ලෝක තෙත්බිම් දිනය ලෙස එක්සත් ජාතීන් විසින් නම් කර එය සැමරීමට කටයුතු කරනු ලබයි. මෙවර සැමරුම් තේමාව ලෙස නම් කර ඇත්තේ, Wetlands and water – ‘තෙත්බිම් හා ජලයයන්නයි. සීමිත සම්පතක් වන ජලය; සුරක්ෂිතතාව සඳහා තෙත්බිම්වලින් සිදුවන අනගි මෙහෙය සිහිපත් කරමින්, තෙත්බිම්, ජලය හා අපේ ජීවිත අත්යන්තයෙන් එකට බැඳුණු, වෙන් කළ නොහැකි සොබා දහමේ ධර්මතාවක් බවත්, තෙත්බිම් ඇතුළු පරිසර පද්ධති හා ජල සම්පත සුරකිමින් සොබාදහමට අනුගත මානව ක්රියාකාරිත්වයකට යාමේ වැදගත්කමත් මෙවර තේමාව මගින් අවධාරණය කරයි.

තෙත්බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ, තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳව ලෝක ප්රජාව දැනුවත් කිරීමත්, තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව තුළ ධනාත්මක ආකල්ප ඇති කිරීමත් හා තෙත්බිම් සම්මුතියේ අරමුණු ඉටුකිරීම සඳහා රාජ්යයන්, ආයතන, සිවිල් සංවිධාන හා පොදු මහජනතාවගේ ක්රියාකාරීත්වය ගොඩ නැංවීමත් උදෙසාය.

 පරිසර පද්ධති

ගංගා, වැව්, කුඹුරු, ජලමාර්ග, අභ්යන්තර ජලාශ, කලපු, ගංමෝය, ඩෙල්ටා, කඩොලාන, කිවුල්දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති කෘතීම හෝ ස්වභාවික වගුරු බිම්, පීට් ඉඩම්, හැල ඉඩම්, වෙරළාසන්න වගුරු හා බාදිය මට්ටමේ සිට මීටර් 06 දක්වා නොගැඹුරු මුහුදතෙත්බිම්යනුවෙන් සරලව හැඳින්විය හැකියි. ස්වභාදහමේ පැවැත්මටත්, අපේ සමාජ හා ආර්ථික සංවර්ධනයටත් විවිධ සේවා සපයමින් අනගි කාර්යභාරයක් තෙත්බිම් මඟින් ඉටුකරයි. සුවිශේෂී වූ තෙත්බිම් සේවාවක් ලෙස ජලය ගබඩා කර පිරිසිදු කිරීමේ කාර්ය සිදුකරයි. ස්වභාවික දුෂක පෙරහනක් ලෙස ක්රියාකරමින් අපට සුරක්ෂිතව ප්රයෝජනයට ගත හැකි මිරිදිය ජලය සපයා දෙනු ලබයි. ජලජ ජීවින්ගේ වර්ධනයටත්, අපගේ ආහාර නිෂ්පාදනයේ අංශයක් වන මිරිදිය ධිවර කර්මාන්තයේ තිරසර පැවැත්මට හා එහි දියුණුවටත් හේතු වන්නේ තෙත්බිම්ය. ප්රධාන වශයෙන් බත් ආහාරයට ගන්නා බිලියන 3.5 ලෝක ජනතාවගේ පෝෂණය සඳහා බත සැපයෙන වී නිෂ්පාදනයට පදනම සපයන්නේ තෙත්බිම් පරිසර පද්ධතියක් වන කුඹුරු වේ.

ලෝකයේ විශේෂ ( Worlds Species) වලින් 40% ජිවත්වන්නේ තෙත්බිම්වලය. මිරිදිය තෙත්බිම්වලින් වාර්ෂිකව නව මත්ස් විශේෂ 200ක් පමණ සොයාගනු ලබයි. ගංවතුර හා කුණාටුවලින් ආරක්ෂාව සැපයීමට තෙත්බිම් ක්රියා කරයි. තෙත්බිම් අක්කර 01කින් ගංවතුර ගැලුම් මිලියන 1.5 ක් පමණ අවශෝෂණය කරගනු ලබයි. කාලගුණය නියාමනයට තෙත්බ්මි වැදගත් මෙහෙවරක් ඉටු කරයි. පීට් ඉඩම් කාබන් උරා ගනිමින් පරිසරය සුවපත් කරයි. වනාන්තරවලට වඩා දෙගුණයකින් කාබන් උරා ගැනීමට පීට් ඉඩම් වලට හැකියාව ඇත. තෙත්බිම් පරිසර පද්ධතිවන ලුණු මිශ් වගුරු, කඩොලාන හා මුහුදු පතුල් විශාල ප්රමාණයෙන් අපගේ පැවැත්මට අහිතකර කාබන් උරා ගනු ලබයි. අපට ජලය, ඉන්ධන, ආහාර, ඖෂධ හා පලතුරු සපයමින් ශක්ති ප්රභවයක් ලෙස ක්රියාකරන තෙත්බිම් මිහිමත සියලු සත්ත්ව කොට්ඨාශ වලට අමිල මෙහෙවරක් සිදුකරනු ලබයි. ඉදිකිරීම් අමුද්රව්, කලාත්මක නිර්මාණ සඳහා අමුද්රව් සපයන තෙත්බිම් එළිමහන් විද්යාගාරයක් වෙයි. විනෝදනය හා පාරිසරික රසාස්වාදය සපයන තෝතැන්නක් වේ.

කෘෂිකාර්මික, ධීවර හා නාවික කටයුතු වලට යොදාගැනීමත්, ජලපෝෂක පද්ධති වීමත්, සමහර තෙත්බිම් ඓතිහාසික හා පුරා විද්යාත්මක වටිනාමකින් යුක්තවීමත්, භූ දර්ශනීයභාවයත්, පක්ෂි, උරඟ, ක්ෂිරපායි, මත්ස්, කෘමීන් වැනි කාණ්ඩවල විශාල සත්ව විශේෂ පැවතෙමින් ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්තවීමත් හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික මෙන්ම ඒකදේශීක සත්ව හා ශාක විශේෂ බහුලවිමත් හේතුකොටගෙන තෙත්බිම් පරිසර පද්ධති සුවිශේෂීය වැදගත්කමකින් යුක්තවන බව සඳහන් කළ යුතුය. මේ ආකාරයට ගෝලීය ආර්ථිකය තුළ වටිනා පරිසර පද්ධතියක් ලෙස තෙත්බිම්වලින් සපයන සේවාවල වටිනාකම වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් ට්රිලියන 47 ක් වන බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල සඳහන් වේ.

 අහිතකර බලපෑම්

මනුෂ්යයින්වන අපට හා අපේ පෘථිවියට තර්ජනයක්වන ආකාරයට ගෝලීය ජල අර්බුදය වර්ධනය වෙමින් පවතී. වැඩිවන ජනගහනය හා විවිධ මානව අවශ්යතා හමුවේ සොබාදහමට දැරිය හැකි මට්ටමකට වඩා වැඩියෙන් ජල පරිභෝජනය සිදුකරයි. සමගම බොහෝ ජීව විශේෂ මෙන්ම ජලය රදා පවතින සුවිශේෂි ස්වභාවික පරිසර පද්ධතියක් වන තෙත්බිම්වල පැවැත්ම දැඩි අවධානමට ලක්ව ඇත. තෙත්බිම් විනාශය සියලු ජීවින්ගේ පැවතිමට හා අත්යවශ්ජල සම්පතටඅයහපත් ලෙසත්, ජල අර්බුදය තීව්ර කිරිමටත් හේතුවේ. මානව ක්රියාකාරකම් හේතුවෙන් වර්ෂ 1700 සිට මේ වන විට ලෝකයේ තෙත්බිම් වලින් 90%ක් අපට අහිමිව ඇති බවත්, වනාන්තරවලට වඩා තුන්ගුණයක් වේගයෙන් ඉතිරි තෙත්බිම් ප්රමාණය අහිමි වී ගෙන යන බවත්, එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ.

මිරිදිය ජලයේ පවතින සෑම විශේෂ තුනකින්ම එකක් හා තෙත්බිම් විශේෂ වර්ගවලින් 25%ක් වද වී යන බව වැඩිදුරටත් සඳහන් වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් වියළි ප්රදේශවල මතුපිට ජලය මෙන්ම භූගත ජල ප්රමාණයන් අඩු වන බැවින් නියඟ තත්ත්වයන් වර්ධනය විය හැකිය. මෙම තත්ත්වය යටතේ, ජල අර්බුදය තිව්ර මට්ටමකට පත්වේ. එසේ නමුත් ජලයට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවේ. එම ඉල්ලුම සැපයීම අප සැම මුහුණදෙන බරපතල ගැටලුවක් වේ. තෙත්බිම් විනාශයත් සමඟ එමඟින්, සැපයෙන සුවිශේෂ වූ ආර්ථික හා සමාජ ප්රතිලාභ අහිමිවීම ඛේදනීය තත්ත්වයක් වේ.

 ජල අභියෝගය

ජනගහන වර්ධනය, කාර්මීකරණය, නාගරීකරණය සහ පරිභෝජන රටාවක් විසින් තෙත්බිම් හා ඒවාගේ පවතින ජල සම්පතට විවිධාකාර පීඩනයන් ඇතිකර තිබේ. පෘථිවියේ ජලයෙන්, මිරිදිය ජලය ඇත්තේ, 3% ප්රමාණයකි. ඉන් මනුෂය ප්රයෝජනයට ගත හැකි ජලය ප්රමාණය 0.05% ක් වේ. අනුව, ජලය සුරැකිය යුතු ඉතාම සීමිත සම්පතක් බව පැහැදිලි වේ. එම සීමිත ජල සම්පත භාවිතා කරමින් ගෝලීය වශයෙන් අප හැම දිනකම ජලය ටොන් බිලියන 10 ක් පමණ භාවිතා කරයි. 70%ක් ජලය ආහාර නිෂ්පාදනය සඳහා කෘෂිකර්මාන්තයට යෙදවේ. කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයට 22%ක් ජලය භාවිතා කරයි. පසුගිය වසර 100 තුළ ජල භාවිතය 06 ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්ෂිකව ජලය භාවිතය 1%කින් ඉහළ ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත්, බිලියන 2.2 ලෝක ජනතාවට සෞඛ්යාරක්ෂිත පානීය ජලය නොමැති බවත්, එහි වාර්ෂික ආර්ථික පිරිවැය ඇමෙරිකන් ඩොලර් බිලියන 260ක් බවත් සඳහන් වේ. 2017 වර්ෂයේදී ලෝකයේ රටවල් 45 ගැටුම් සඳහාජල අනාරක්ෂිතතාවයහේතු වී තිබේ. 2050 වන විට ජනගහනය බිලියන 10 ක් සඳහා 70%කින් ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට ජලය සපයා ගැනීම 14%කින් වැඩි කළ යුතු වේ. මේ ආකාරයේ, “ජල අභියෝගයක්ගෝලීය සමාජය ඉදිරියේ පවතී.

 තිරසර ප්රවේශය

පාරිසරික, සමාජ හා ආර්ථික වශයෙන් අමිල මෙහෙවරක් සිදුකරන තෙත්බිම් පරිසර පද්ධති විනාශය කඩිනමින් නතර කළ යුතුය. මෙහිදී මහජනතාව පරිසර සංවේදීව කටයුතු කිරීම ඉතා වැදගත්ය. තෙත්බිම් සංරක්ෂණයට අදාළ ආයතන විසින් අදාළ නීති නිසි ලෙස ක්රියාත්මක කිරීම ආයතන අතර, මනා සම්බන්ධීකරණය අවශ්යය. තෙත්බිම් ප්රතිෂ්ඨාපනය (restoring wetlands) කිරීම ජල මූලාශ්, ගංගා දුෂණය වළක්වා ඒවා පිරිසිදු කර සජිවී පරිසර පද්ධති ලෙස සංරක්ෂණය අවශ්යය. ගංගා, වැව් හරහා වේලී බැඳිමත්, ඉවුරු ඛාදනයත්, ගංගා වල ඛනිජ ද්රව් ලබා ගැනීම පිණිස භූගත ජල මට්ටමට පහළ දක්වා කැණීම් සිදුකිරීමත්, වැළැක්වීම ඉතා අවශ්යය. එසේම ඥානාන්විත තෙත්බිම් පරිහරණය කිරීමත්, ජල කාර්යක්ෂමතාව වැඩි කිරීමත්, “ජලය හා තෙත්බිම්සුරක්ෂිතතාව කළමනාකරණය කෙරෙන පරිදි සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීමත් ඉතා වැදගත් වේ.

තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ තිරසර ප්රවේශයන් පිළිබඳ විදේශීය උදාහරණ කිහිපයක් සැපයීය හැකිය. එක්සත් රාජධානියේ තෙත්බිම් ප්රතිසංස්කරණය යටතේ ප්රදේශයේ විශාලතම තෙත්බිම් ප්රතිෂ්ඨාපනය සිදුකර ඇත්තේ හෙක්ටයාර් 670 වන වල්ලසී දුපතේය. (Wallasea Island) එම දුපතේ ලුණු මිශ් වගුරු, කලපූ හා මඩ වගුරු ක්රියාකාරී මහජන සහභාගීත්වයෙන් නැවත ප්රතිෂ්ඨාපනය කර ස්වභාවික ආකාරයට ජල දර්ශනයක් නිර්මාණය කර ඇත. මේ නිසා යම් ප්රමාණයකට ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇතිවන දේශගුණික විපර්යාස පාලනයටත්, මුහුදු ජල මට්ටම ඉහළයාම නිසා එම ප්රදේශයට සිදුවන ජලගැලීම් පාලනයට දිගුකාලීන විසඳුමකුත් ලැබී තිබේ.

දකුණු අප්රිකාවේ ඒකාබද්ධ ජල කළමනාකරණය සදහා වූ උපායමාර්ගික සැලසුම යටතේ, දකුණු අප්රිකාවේ ජල හා ආර්ථික අවශ්යතා සඳහා අත්යවශ් වන මූලික ජල ප්රවාහයන් 22ක් හඳුනාගැනීම හා ඒවායේ පාරිසරික හා ආර්ථික වටිනාකම තක්සේරු කිරීමත්, අනතුරුව ඒවා සුරක්ෂිත කිරිමටත් පියවර ගෙන ඇති අතර, ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් සෞඛාරක්ෂිතව ජලය සැපයීමටත්, ජල කළමනාකරණය යටතේ විවිධාකාර ආර්ථික ප්රතිලාභ අත්කර ගැනීමටත් අවස්ථාව උදාකරගෙන ඇත.

 සංරක්ෂණ ක්රියාකාරීත්වය

බූන්දල ජාතික උද්යානය, ආනවිලුන්දාව වැව් පද්ධති අභය භූමිය, මාදුගඟ තෙත්බිම් අභය භූමිය, මන්නාරම වාන්කාලෙයි අභය භූමිය, අම්පාර කුමන ජාතික වනෝද්යාන තෙත්බිම්, හා විල්පත්තු ජාතික උද්යානය ඇතුළු පරිසර පද්ධති 06ක් රම්සාර් සම්මුතිය යටතේ සංරක්ෂිත ප්රදේශ ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත්කර ඇත. ශ්රී ලංකාව නියෝජනය කරමින් රම්සාර් සම්මුතියට ගැනෙන තෙත්බිම් 44ක් ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුළත් වි තිබේ.

ජාතික පාරිසරික පනතේ ප්රතිපාදන යටතේ පරිසර ආරක්ෂණ ප්රදේශ ලෙස සංවේදී පරිසර පද්ධති 10ක් ප්රකාශයට පත්කර ඇති අතර, ඉන් 06ක් තෙත්බිම් පරිසර පද්ධති වේ. ඒවා නම්, නුවරඑළිය ග්රෙගරි වැව, ගම්පහ මුතුරාජවෙල, කොළඹ තලංගම වැව, බුලත්සිංහල වලව්වත්ත, වතුරාන, කොළඹ හා කලුතර දිස්ත්රික් හරහා දිවෙන බොල්ගොඩ වැව හා වරාතැන්න හක්කිඳ යන තෙත්බිම් පද්ධතීන් වේ.

පරිසර සංරක්ෂණය දිරිමත් කිරීම සඳහා ජාතික පාරිසරික පනත සංශෝධනයට කටයුතු කර ඇති අතර, මඟින් තෙත්බිම් සංරක්ෂණයට අදාළව නව ප්රතිපාදන ලබාදීම සිදුකෙරේ. දැනමටත් අනුමත භාවිතයන් සහිතව කළමනාකරණය කළ යුතු තෙත්බිම් හා සංරක්ෂණය කළ යුතු තෙත්බිම් හඳුනාගෙන ඇති අතර, කළමනාකරණය හා සංරක්ෂණයට අදාළව මාර්ගෝපදේශ හා නිර්නායකයන් සකස් කර නියාමන කාර්යයන් සිදුකරනු ඇත. ඇතැම් පිරිස් විසින් සංරක්ෂිත ප්රදේශවල සිදුකරන අනවසර නිත්යානුකූල නොවන ක්රියාවන් සඳහා නීතිමය පියවර ගැනීමට මධ්යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලැබේ. තෙත්බිම් සම්බන්ධ පර්යේෂණ ලිපි, දත්ත හා තොරතුරු ඇතුළත් ග්රන්ථයක් ප්රකාශයට පත්කර ඇති අතර, එය විද්යාර්ථීන්ට මෙන්ම උනන්දුවක් දක්වන පිරිස් වල පාරිසරික අවබෝධය වර්ධනය සඳහා ප්රයෝජනවත් වේ. වාර්ෂිකව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය සැමරීම පිණිස ජාතික වැඩසටහන් සංවිධානය කරනු ලබයි. මෙහිදී පොදු ජනතාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ තෙත්බිම් සංරක්ෂණ අධ්යාපනය පිණිස චිත්, කථික, රචනා තරඟාවලි මෙන්ම තෙත්බිම් කඳවුරු සංවිධානය කෙරේ.

නිරන්තරයෙන් ගංගාවල ජල තත්ත්ව පරික්ෂණ සිදුකරමින් ගංගා ජලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ මිනුම්ගත කිරීම් සිදුකරන අතර, කාර්මික අපජලය මුදා හැරීම් ජාතික පාරිසරික පනතේ ප්රමිති හා උපමාන වලට යටත් කර ඇත. මෙමගින් ගංගා ජලය සුරක්ෂිත කිරීමට දායකත්වයක් සපයයි. මෙම ක්රියාදාමයට තව තවත් ශක්තියක් ලබාදෙමින්, “සෞභාග්යයේ දැක්මවත්මන් රාජ් ප්රතිපත්තිය යටතේ, ශ්රී ලංකාවේ ගංගා සංරක්ෂණය සඳහා ජාතික වැඩසටහනක්සුරකිමු ගංගානමින් සකස් කර ඇත. මෙම වැඩසටහනේ ක්ෂේත් මෙහෙයුම් කටයුතු සංවිධානය කරමින් පවතී. මෙම ක්රියාන්විතය මගින්සැමට ජලය’, ලබාදීමේ රාජ් ප්රතිපත්තිය ඉටු කර ගැනීමට මෙන්ම විවිධ ආර්ථික හා සමාජ ප්රතිලාභ අත්කර ගැනීමට පිටුබලයක් ලැබෙනු ඇත. එපමණක් නොව එය, තෙත්බිම් සංරක්ෂණය කරන ඉදිරිගාමී පියවරක් වශයෙන් පැසසුමට භාජනය වේ.

 වගකීම.

කොළඹ නවීකරණයට ප්රයත්න දරණ වත්මනේ, සඳහා සුබවාදී මහජන ප්රසාදයක් පවතී. භූගෝලීය හා පාරිසරික අර්ථයෙන් ගත්විට කොළඹ වාණිජ නගරයත්, ශ්රී ජයවර්ධනපුර පරිපාලන නගරයත්, ආසන්න උපනගරත් තෙත්බිම් පරිසර පද්ධතිවලින් වටවී ඇත. එම සුවිශේෂීත්වය හේතුවෙන් රැම්සා පාර්ශ්වකරුවන්ගේ 13 වැනි සැසිවාරයේදී කොළඹ නගරය නාගරික තෙත්බිමක් ලෙස ප්රකාශය කෙරිණි. මෙම තෙත්බිම් පද්ධති නිසි ලෙස කළමනාකරණය කරමින් පාරිසරික හා ආර්ථික ප්රතිලාභ අත්කර ගැනීම රජයේ අපේක්ෂාවවන අතර, සඳහා පොදු ජනතාවගේ සහයෝගය අවශ්යය.

තෙත්බිම් ආශ්රිතව සැලසුමකින් තොරව සිදුකෙරෙන විවිධ ඉදිකිරීම්, ගොඩකිරීම්, මෙන්ම අපද්රව්, අපජලය, පොලිතීන් ප්ලාස්ටික්, ඉලෙක්ට්රොනික අපද්රව්, ගොඩනැඟිලි කඩා ඉවත් කරන සුන්බුන් බැහැර කිරීම, අනවසර ගිනි තැබීම්, කඩොලාන විනාශ වීම්, අධික ලෙස වැලි ගොඩදැමිම, විෂ රසායන එකතු කිරීම් ආදිය, ජලය, පස දුෂණයටත්, තෙත්බිම් විනාශයටත් හේතූ වී ඇත. ගංගා ඇතුළු තෙත්බිම් පරිසර පද්ධති දුෂ් කෙරෙන සියලු ආකාර මාර්ගයන් වළක්වා තිරසර ලෙස සුරක්ෂිත කිරිමට ප්රයත්න දරණ අද දවසේ එකී පරිසරයට හානිකරන ක්රියාමාර්ගවලින් වැළකී පරිසර හිතකාමී ක්රියාකාරීත්වයකට යොමු වීම අප හැම දෙනාගේම වගකීමයි.

උපුටා ගැනීම - අන්තර්ජාලය

මහමඟ අනතුරු වළකමු

  🚑🚑🚗🚦🚧🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚖🚖🚖 ලංකාවේ වාහන අනතුරු නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙය දැනට 8 දක්‌වා ඉහළ ගොස්...